ආණ්ඩුවේ වැඩේ හරියට කරගෙන යනකොට ආයතනවල පරිපාලන ලොක්කෝ ටිකක් පිස්සු නටනවා කියලා උඩ තැන්වලට පණිවිඩ ඇවිල්ලා. සමහර පරණ සිද්ධි ගැන වාර්තා ඉල්ලද්දි ඒවා දෙන්නෙත් නෑලු. සමහර තැන්වල දූෂණය එහෙමමලු.
ඉතින් මේ ප්‍රශ්නත් එක්ක ආණ්ඩුවේ ලොක්කන්ට අවුල්ලු මෙයාලා එක්ක වැඩ කරන්න.
කොහොම හරි මේ ආණ්ඩුවේ ඉන්නවනෙ 2/3 සැට් එකක්. සමහර අය වැඩත් නෑනෙ. සමහර අය දන්නෙත් නෑ. ඉතින් ඇමැතිකම් කරන ලොකු අය හදන්න යනවලු මෙයාලව දාලා ආයතන අධීක්ෂණයක්.
වංචා දූෂණ විතරක් නෙමේ අකාර්යක්ෂමතා සම්බන්ධයෙනුත් හොයලා බලලා ඇමැති දැනුවත් කරන එකලු මේකෙ රාජකාරිය. මෙයාලව හරියට අඳුරන්නේ නැති නිසා වැඩේ අතටම අල්ලගන්න පුළුවන් වෙයි කියලලු ආණ්ඩුවේ විශ්වාසය.