මෙච්චර කල් ලොකු අර්බුදයක පැටලිලා හිටපු අත පාටියෙ මහ පුටුවට අලුත් මුහුණක් ගේන්න පාටියෙ දැන් ඉන්න ලොකු ලොක්කෝ කිහිප දෙනෙක් සාකච්ඡාවක් පටන් අරන්ලු.
අලුතෙන් ගේන්න යන නායකතුමා පක්ෂෙට අලුත් නැහැ. කලක් උන්නැහේ පක්ෂයේ ලොකු ලියන මහත්තයා හැටියටත් හිටියලු.
නායක පුටුවට කවුන්සිලෙත් ඉන්න කට ඇති පුතෙක් ඕන නිසාලු මේ පත්වීම කරන්න යන්නෙ.
දැන් ඉන්න පක්ෂ නායකතුමයි රුහුණෙන් ආපු වීරයයි ගම්පහ ලොක්කයි කියන තුන් හතරදෙනා එකතු වෙලාලු මේ වැඩේ කරමින් ඉන්නෙ.
කලින් මේකට විරුද්ධව හිටපු රජරට නායකතුමත් දැන් ඇතුළේ ඉන්න හින්දා පාටියෙ ලොකු පුටුව කොහොම හරි දයාබර කෙනකුට බාරදෙමු කියන එකට මේ මහා මණ්ඩලයේ කට්ටිය එකඟ වෙලා ඉවරයි කියලයි කියැවෙන්නෙ. ඊට පස්සේ අලුත් විපක්ෂ සන්ධානයකටත් ලෑස්තියි කියලයි කියැවෙන්නෙ.