බෙහෙත් හුටපටයකට ඇතුළට ගිය හිටපු ආණ්ඩුවේ ලොක්කා ගාව තිබිලා එක එක ජාතියේ ආරක්ෂක බඩු ටිකක් හම්බවුණාලුනෙ. හැමෝම වැඳුම් පිදුම් දෙන ගහේ පොතුයි ඇත් මුතුවකුයි බුදු පිළිමයකුයිනේ තිබුණේ.
කතාවේ හැටියට හැමවෙලේම මෙයා ළඟලු මේ ටික තියන් ඉන්නෙ. මෙයා හරිම බයෙන්ලු ඉන්නෙ. නිදාගන්නෙත් නෑලු. කාත් එක්කවත් කතාබහකුත් නෑලු. සෑහෙන කල්පනාවකලු. කොහොම වුණත් සමහර දවස්වලට කන්නෙත් නෑලු. සමහර අය නම් කියන්නේ මෙයාගේ හැසිරීම සෑහෙන්න වෙනස් කියලා. ටිකක් බයෙන් ඉන්නේ කියලා.
අනෙක් සිරකරුවෝ එක්ක පවා මෙයා කතාබහ කරලා හිටියට හැමවෙලේම බුදුගුණ සිහි කරනවලු. හැබැයි ධර්මය අකාලිකයි, කර්මය සදාකාලිකයි.