2025 මැයි 17 වන සෙනසුරාදා

මලට වහන බඹරු!

 2025 මැයි 17 වන සෙනසුරාදා, ප.ව. 02:00 531

පහුගිය පුංචි ඡන්දෙ ප්‍රතිඵලයෙන් පස්සේ මීට කලින් මල් පොහොට්ටුව එක්ක ගනුදෙනු කරල පස්සෙ පොහොට්ටුවෙන් ගිය කට ඇති පුත්තු දෙන්නෙක් ආපහු දැන් ඒ පැත්තට සෙට් වෙන්න යනවා කියල පොඩි කතාවක් යනවා.

මේගොල්ලෝ පොහොට්ටුව මහ ගෙදරින් ගියේ එතැන හිටපු කෙනෙක් එක්ක පොඩි කොක්කක් දාගෙන. දැන් මේ එක්කෙනා පොහොට්ටුවේ මූලස්ථානයෙ නැතිලු‍. ඒ නිසා මේ දෙන්නට එන්න පුළුවන් බවට ඉඟි කරලා තියෙනවලු‍.

කොහොම හරි එයින් එක්කෙනෙක් නම් තමන් මෙච්චර කල් පැළඳගෙන හිටපු පංචායුදේ පැත්තකින් තියලා ළඟදිම තමුන් හිටපු මහ ගෙදරට යන්න ඉඩ තියෙන බවයි තතු දත් ආරංචි මාර්ග කියන්නෙ. ඒ ගැන මෙච්චර කල් කරපු රහස් සාකච්ඡා සාර්ථක ලෙස හමාර වෙලාලු‍. මුන්නැහේ ආවට පස්සේ එයාට වගකීමකුත් ලැබෙයි වගේ පේනවා.

 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 17 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 17 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 17 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00