2025 මැයි 10 වන සෙනසුරාදා

පැත්තකින් තියලා

 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00 481

දුරකථන පාටියේ ලොකු තැනට කේලම් කියලා කට්ටිය බේද භින්න කරන කෙනෙක් ගැන පහුගිය කාලේ කතා වුණා. වේදිකාවල දොඹෙන් යන්න ගහපු එයාට විරුද්ධව පක්ෂය ඇතුළෙම විරෝධයක් ආපු නිසා ටිකක් පැත්තකට වෙලාලු හිටියේ. කොහොම වුණත් මෙයා ගහන ගේම ගැන ලොක්කටත් දැන් ආරංචි වෙලාලු‍ තියෙන්නෙ. ඒ නිසා ලොක්කා ටිකක් මෑන්ව ඈත් කළාලු‍. කොටින්ම මැතිවරණ වේදිකාවටවත් දැම්මේ නෑලු‍.

මහ මැතිවරණයේදී මෙයාගේ කට නිසා ඡන්ද ගොඩක් නැතිවුණු හේතුව හින්දා තමයිලු‍ පැත්තකින් තිබ්බේ. දැන් පක්ෂයෙ උඩ අයගේ විරෝධය නිසා පැත්තකට දාන්න තීරණය කරලලු‍. කොහොම වුණත් සිංහයෙක් වගේ හිටිය මෙයා දැන් පූස් පැටියා වගේලු‍ ඉන්නෙ.

 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 17 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 17 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 17 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00