අපි කියන මේ ආයතනය රටට ආදායම එකතු කරන්න පිහිටවපු තැනක්. තියෙන්නෙ අගනුවර. රටට හම්බ කරන්න පිහිටවූ මේ ආයතනය ඇතුළේ ඉන්න අයගෙ හම්බ කිරීම නම් නැඟලම යනවා කියල තතු දත් අය කියනවා.
රටින් ගේන හුඟක් දේවල්වලට ගෙවන්න ඕන මෙතෙන්ට තමයි. එතනින් හැමදාම වැඩක් කරගන්න ගියාම ඉස්සර ඉඳලා පොඩි සන්තෝසම් දෙන ක්‍රමයක් තිබුණා. ඒක ඒ හැටි ඇඟට දැනෙන්නේ නැති නිසා කවුරුත් කරබාගෙන ඒ පුංචි සන්තෝසම දීල වැඩේ කර ගත්තා. නමුත් මෑතක ඉඳලා සන්තෝසම් ගාස්තුව වැඩි කරලලු. කලින් තමුන්ගේ ඉල්ලීම අනුමත කරන්න රුපියල් 500 ක් ගත්තත් දැන් ඒකට රුපියල් 20,000ක් විතර ගෙවන්න වෙලාලු. පහුගිය දවසක පිටරටින් ලංකාවට කාර් දෙකක් ගෙනාපු මහත්තයකුට තමුන්ගේ කාර් දෙක අනුමත ගාස්තු ගෙවලා නිදහස් කර ගන්න සන්තෝසම්වලට රුපියල් ලක්ෂ දෙකක් විතර වියදම් වුණාලු. ඔන්න ඔහොමයි එතන වැඩ වෙනවයි කියන්නෙ. මේවා ගැන නඩු කියන්න කෙනකුත් නෑ අහන්න කෙනකුත් නෑ කියලයි ඔය ප්‍රශ්න නිසා පීඩාවට පත්වෙච්ච අය කියන්නෙ.