2025 මැයි 10 වන සෙනසුරාදා

අලි ලොක්කෙක් ඉවතට...

 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00 3

අලි පාටියේ ඉහළ තනතුරක් දරන කොළඹ දිසා⁣වෙ හිරු වගේ ඉන්න එක්තරා නායකයෙක් තමා මෙච්චර කල් දරාපු ආසන සංවිධායක ධූරයෙන් හදිසියේම ඉවත් කරලලු‍...

මෙයා කොළඹට උතුරෙන් තියෙන ආසනයක ආසන සංවිධායක විතරක් නෙවෙයිලු‍ කොළඹ දිසාවෙම නායකයා හැටියටලු‍ හිටියෙ. ඉතින් එකපාරටම උන්නැහේ මේ තනතුරුවලින් ඉවත් කළේ පහුගිය ඡන්දවලදි එයාගේ ආසනයෙන් පක්ෂය ලැබූ අඩුම ඡන්ද ප්‍රතිශතය නිසා බවයි සමහරුන්ගේ මතය.

පහුගිය කාලේ උන්නැහේ පක්ෂය සම්බන්ධව කරපු සමහර කතාත් එයාගේ පට්ටම ගැලවෙන්න බලපෑව බවයි ආරංචි මාර්ග කියන්නෙ. විශේෂයෙන් එයා කියාපු භූත කතාව ඒ කියන්නේ පක්ෂය කන භූතයෝ දෙන්නෙක් ඉන්නවා කියන එකත් මේ ඉවත් කිරීමට බලපෑව බව සමහරු කියනවා. කොහොම හරි තනතුරු ගැලවුණු මෙයා දියවන්නාවෙ සාමාජිකයෙක් නිසා ඊළඟ ඡන්දෙ එනකල් බලන වග එයාගේ පැත්තෙ අය කියනවා.

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00