2025 මාර්තු 08 වන සෙනසුරාදා

කවුද මේ

 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00 508

නැගෙනහිර පළාතෙන් ආව මන්ත්‍රී සයිස් මහත්තයෙක් පසුගියදා මැතිසබේදි ලොකු හෙළිදරව්වක් කළා. ඒ ආණ්ඩුවෙ කැබිනට් ඇමැති සයිස් මහත්තයෙක් ගැනයි කියලයි ඒ මන්ත්‍රී තැන කිව්වෙ.

මේ කතාව කිව්ව මන්ත්‍රීතුමා සඳහන් කළේ ආණ්ඩුවෙ කැබිනට් සයිස් මහත්තයෙක් ඉන්නව. උන්නැහේ කලකට පෙර පොහොර සංස්ථාවෙ වැඩ කරද්දි හොරකමකට මාට්ටුවෙලා වැඩ තහනම් වුණ කෙනෙක් කියලයි. හැබැයි දේශපාලන සදාචාරය නිසා නම නොකියන බවත් උන්නැහේ කිව්ව...

ඊළඟට කවුන්සිලේ ඉන්න විපක්ෂය පැත්තෙ අය මේ කියන ඇමැති කවුද කියල සොයන්න බලන්න පටන් ගත්තා. බදුල්ලෙන් ආපු චාමර තුමා මේ නම දැනගෙන ඉඳල තියෙනව. ඊටපස්සෙ පක්ෂයෙ මැති ඇමැතිල එයා වට කරගෙන කවුද මේ හොරකමට සම්බන්ධ ඇමැති කියල ඇහුව. චාමර තුමා ඒගොල්ලන්ගෙ කනට කරල රහස කිව්ව. අම්මෝ ප්‍රබල චරිතයක්නේ කියමින් විපක්ෂ මන්ත්‍රීල විසිරී ගියා.

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00