2017 ජුලි 01 වන සෙනසුරාදා

ගැලවිජ්ජාව

 2017 ජුලි 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 341

ගිය ආණ්ඩු කාලෙ රතු රටක තානාපතිකම් කරපු උන්නැහේ කෙනකුට උසාවි වරෙන්තුවක් නිකුත් වෙලා තිබුණා. ඒ හින්ද උන්නැහේ ලංකාවට එන්නෙ නැතුව රටින් රට සැරිසරනවලු.

හිටපු ලොකු තැන යම් පිටරටකට ගියොත් මිනිහත් එතෙන්ට ඇවිත් පින්තූර අරගෙන ප්‍රසිද්ධ කරනවලු. මේ වැඩේ වහාම නතර කරන්න කියල හිටපු ලොකු තැන මිනිහට ලොකු ගෝරණාඩුවකුත් දැම්ම කියල ආරංචියි... කොහොම හරි මේ හිටපු තානාපති ගොයිය පසුගියදාක ජපාන රටට ගිය වෙලාවෙ මෙයා වරෙන්තුකාරයෙක් කියල ඒ රටේ ආරක්ෂක අංසෙට තානාපති අංසෙන් ඔත්තුවක් ලැබිල. හිටපු තානාපති ජපන් රටෙන් පිටවෙන්න ගුවන් තොටුපළට ආවම ආරක්ෂක අංසෙ 20ක් විතර රැකලා ඉඳල එයාව කොටු කොරගත්ත කියල ආරංචියි.

ඊට පස්සෙ ගමන නවත්තල රඳවගෙන ප්‍රශ්න කළාලු. තමන් වරෙන්තුකාරයෙක් නේද කියල ජපන් ආරක්ෂක භටයො ඇහුවම වරෙන්තුව පෙන්වන්න කියල හිටපු තානාපති තැන කීවලු... ඊට පස්සෙ ජපන් ආරස්සක කස්ටිය දන්න කියන හැමතැනින්ම වරෙන්තුව සොයලත් වෙලාවට හොයාගන්න බැරිවුණාලු. 

ඊටත් පස්සෙ හිටපු තානාපති තැන ළඟ ඒ සිද්ධියට අදාළව තිබුණ ලියකියවිලි ගණනාවක් පරීක්ෂා කළා කියලත් ආරංචියි... ඒත් ඒ කිසිම දෙයක් එයා කොටු කරගන්න ප්‍රමාණවත් මදිය කියල තීන්දු කරපු ජපං පොලිසිය හිටපු තානාපති තැන නිදහස් කරල ප්ලේන් එකටම ගෙනල්ල බැස්සුවලු. ඊට පස්සෙ එයා ජපං පොලිසියට බායි කියල යන්න කියාලු.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00