2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා

අනේ අපිට නම් එපා

 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00 527

ආණ්ඩුවෙ ලොකුම කන්තෝරුවක පුරප්පාඩු මහ ගොඩක් තිබෙනව... වෙනද නම් මේ කන්තෝරුවෙ රස්සාවල් පුරප්පාඩු වුණාම සේවකයො පෝලිමේ ඒව ලබාගන්න තරග කරනවලු.

නමුත් කරුමෙ කියන්නෙ මේ පාර ඔය කියන මහ කන්තෝරුවෙ පුරප්පාඩුවලට කිසිම කෙනෙක් ඉල්ලන්නෙ නැති තත්වයක්ලු තියෙන්නෙ. පොඩි තනතුරු නෙවෙයි එක එක ලේකම් පට්ටම්, අතිරේක ලේකම් පට්ටම්වලටවත් කස්ටිය සොයාගන්න බැරිලු.

රටේ මේ තරම් ප්‍රබලම ආයතනයකට මෙහෙම වුණේ ඇයිද කියන එක ගැන සොයල බලනකොට හැමෝම කියන්නෙ එතන රස්සාවට යනවය කියන්නෙ බෙල්ල කැපෙන වැඩක් කියලලු. ඒ හින්ද කවුරුවත් මේ කන්තෝරුවට යන්න කැමති නැතිලු.