2025 පෙබරවාරි 08 වන සෙනසුරාදා

අලුත් බුද්ධිමතෙක්

 2025 පෙබරවාරි 08 වන සෙනසුරාදා, ප.ව. 02:00 630

ආරක්ෂාවට ඉන්න බුද්ධිය මෙහෙයවලා තොරතුරු හොයන අයගේ තැනට අලු‍ත් කෙනෙක් ඇවිල්ලා පොඩි කසුකුසුවක්ලු‍.
ඒකට හේතුව කවදාවත් එයා ඔය බුද්ධිය යොදවලා තොරතුරු හොයලා නැති නිසා. එයා කාකි ඇඳුම් අඳින දෙපාර්තමේන්තුවේම හමුදා ඇඳුම් අඳින තැනක රාජකාරි කළාට මෙහෙයුම් සිද්ධ කළ කෙනෙක් නෙමේලු‍.

කොහොම වුණත් මේ දෙපාර්තමේන්තුව භාරව ඉන්න උඩම කෙනෙක්ගෙ ගෝලයෙක් වගේ නිසා විශ්‍රාම ගිහින් කාලයක් ගෙදර හිටිය එයාව නැවත තනතුරකට අරන්. කාකි ඇඳුම් අඳින දෙපාර්තමේන්තුවටම අරගෙන ඒකෙන් පඩි දීලා මෙයා බුද්ධිය මෙහෙයවන තැනට දාලලු‍.

කොහොම වුණත් මේ පත් කිරීම ගැන හැමෝම අවුලෙන්ලු‍ ඉන්නෙ. ගෙදර ගිය අය ගෙන්නලා මෙහෙම දාපුවම ඉන්න උන්ට මොකද වෙන්නෙ කියලා. ඉන්න එකෙක්ට උඩට යන්න නොදී මේ කරන දේවල් ගැන රටේ ලොකු තැනටත් කට්ටියක් ලියන්නලු‍ යන්නෙ.