2025 පෙබරවාරි 08 වන සෙනසුරාදා

ආරාධනා

 2025 පෙබරවාරි 08 වන සෙනසුරාදා, ප.ව. 02:00 610

මුන්නැහේ එක්තරා වැදගත්ම අමාත්‍යංශයක මහලේකම් පුටුවට බරක් වෙලා ඉන්න සිංහයෙක් වගේ කෙනෙක්ලු.
ඉතින් මෙයාගෙ සමහර වැඩ නිසා එතැන ඉන්න ලලනා පක්ෂයට බොහොම කරදරලු. උන්නැහේගෙ ප්‍රේම ආරාධනාවල් නිසා මේ තරුණියන් ලොකු අපහසුතාවකට පත්වෙලා ඉන්න බවත් ආරංචියි.

අද හමුවෙන්න බැරිද අහවල් අහ යමුද වගේ යෝජනාවල් මේ ලේකම් තැනගෙන් ලස්සන තරුණියන්ට නිරන්තරයෙන් ලැබෙන බව කියවෙනව...

ඉතින් මේ හුටපටේ ඉවසන් ඉන්න බැරිම තැන ඒ අමාත්‍යංශයෙ ඉන්න තරුණියො පිරිසක් විෂය භාර ඇමැති තැන හමුවෙලා මේ ගැන පැමිණිල්ලක් කරන්නලු යන්නෙ.

ඒක පත්තු වුණොත් මේ ලේකම් තැනගෙ සෞඛ්‍යයට ඒක හොඳ නැහැ කියල තතු දත් අය කියනව.

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00