2025 පෙබරවාරි 01 වන සෙනසුරාදා

නම කැපිලා

 2025 පෙබරවාරි 01 වන සෙනසුරාදා, ප.ව. 02:00 678

ආණ්ඩුවට ඉස්සෙල්ලම ආපු අධ්‍යාපන හුටපටේ නිසා නැති ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වුණා. කොහොම වුණත් තවම වැඩේ හරි ගියේ නෑලු‍.

මේ ළඟදි රැජිනගේ රටට යන්න තානාපති කාර්යාලයට වීසා ඉල්ලලා ආණ්ඩුවෙ එක්තරා මන්ත්‍රී සයිස් මහත්තයෙක් අයැදුම්පතක් යැව්වම ඒකෙ නම කපලා හරවලා යවලා. හොයලා බැලු‍වලු‍ ඇයි මෙහෙම වුණේ කියලා. හේතුව එයාගේ අධ්‍යාපන සුදුසුකම්වල අවුලක්ලු‍. ඒවා පිළිගන්නෙ නෑලු‍. හැබැයි එයා එක්ක දාපු විපක්ෂයේ උන්දැට හම්බවුණාලු‍.

කොහොම වුණත් මේ අවුල නිසා ලොකු තැනත් ටිකක් අවුලෙන්ලු‍ ඉන්නෙ. මෙයා සද්ද නොකර ඉන්නෙ උඩ බලන් කෙළ ගහගන්න බැරි නිසාලු‍.