2025 පෙබරවාරි 01 වන සෙනසුරාදා

පන්සීයක් ලාභයිලු

 2025 පෙබරවාරි 01 වන සෙනසුරාදා, ප.ව. 02:00 513

දියවන්නා කවුන්සිලේ කැන්ටිමේ කෑම මිල ගණන් නග්ගපු එක ගැන කවුන්සිල් ලොබියේ ලොකු කතාවක් ගියා පසුගිය සුමානෙ දවසක.

මෙතන ආණ්ඩු පක්ෂයෙ වගේම විපක්ෂයෙ මන්ත්‍රී ගොල්ලන් කිහිප දෙනෙක් ඉඳල තියෙනව.

කලින් රුපියල් හාර පන්සීයකින් දවසෙ කෑම වියදම පිරිමහගත්ත අයට දැන් දවසට දෙදාහක් ගෙවන්න සිද්ධවෙලා කියල සමහරු මුහුණ අප්සෙට් කරගෙනලු හිටියෙ. එහෙම ඉන්නකොට එතන හිටපු ඈත පළාතකින් ආපු කටකාරම මන්ත්‍රීතුමෙක් අපූරු කතාවක් කිව්ව.

“දවසෙ කෑම මිල රු. 2000/- කළත් අපිට තවත් රුපියල් 500/- ලාභයි...” කියල උන්නැහේ කිව්ව.

“ඒ කොහොමද මනුස්සයො 500 ක් ලාභ වෙන්නෙ” එතන හිටපු මැති ඇමැතිල කිහිප දෙනෙක්ම අරයගෙන් ඇහුවෙ මුහුණ පුටුලු කරගෙන.

“ඇයි අනේ ඔයගොල්ලන්ට මතක නැත්ද අපි මෙතෙන්ට එන හැම දවසකටම රු. 2500/-  අපට ගෙවන බව...” ඉතින් 2500/- න් 2000/- කෑමට ගෙව්වට 500/- ලාභයි කියල මන්ත්‍රීතුමා කියල දුන්නා.

 

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00