2025 ජනවාරි 25 වන සෙනසුරාදා

එයා එපාලු

 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00 647

අත පාටියේ කට්ටිය නැවත එකතු වෙන්න මේ වෙද්දි කටයුතු කරමින්ලු‍ ඉන්නෙ. ඒකට සමහර අය යෝජනා කළාලු‍ හිටපු ලියන මහත්තයෙක් වෙච්ච සිරියාවක් තියෙන කෙනෙක්වත් ගේමු කියලා. ගෙනල්ලා ටිකක් ලොකු තනතුරක් දීලා එයාගෙනුත් වැඩ ගමු කියලා.

ඒත් වැඩේට ලොකු පුටුවයි, දැන් ඉන්න ලියන මහත්තයයි දෙන්නම අකමැති වුණාලු‍. එයාලට කිව්වලු‍ එයාට වඩා හොඳයි හිටපු ලොකු තැන මෙතනට දාගත්තා නම් කියලා. ඒ නිසා එයාට ආයේ පක්ෂයේ දොර ඇරෙන්නෙ නෑ කිව්වලු‍. අනික එයා වෙන පක්ෂයකින් මැතිසබේ ඉන්න නිසා කොහෙත්ම අවශ්‍ය නෑ කිව්වලු‍. එයාට ආයේ අත පාටියට නොඑන්නම දෙයක් කරන එක තමයිලු‍ හොඳම දේ කියලා ලොකුම විරුද්ධවාදියෙක් කිව්වලු‍.