2025 ජනවාරි 18 වන සෙනසුරාදා

පෑල දොරින් ගිහින්

 2025 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 02:00 527

උඩරට පළතෙන් ලක්ෂ ගාණක් ඡන්දය අරන් ඇමැති පට්ටම් ගත්ත මහජන මිත්‍රශීලී සහෝදරයෙක් දැන් ගොඩක් වෙනස් වෙලාලු‍. බලය ගන්න යනකොට කෙස් පැලෙන තර්ක කියලා අපි මෙහෙමයි මෙහෙමයි කිව්වට දැන් දැන් ඒ කිව්ව කිසිම දෙයක් වෙන පාටක් නෑලු‍. මහජන හමුවලටත් දැන් එන්නෙ එකපාරක් වගේලු‍. මේ ළඟදී සංවර්ධන රැස්වීමක් තියලා මෙයා එන බව කිව්ව නිසා මෙයාට උදව් කරපු අය, පළාත් පාලනේ අය එහෙම පොරකකා හිටියලු‍ මෙයාව හම්බවෙන්න වැඩ ඉවර කරලා එද්දි. ඒත් මෙයා නෙමේලු‍ ආවෙ.

කොහොම හරි කට්ටිය අතරට ආපු මෙයාගේ ලේකම් රියැදුරු මහත්තයා හැමෝටම කිව්වලු‍ තියෙන ප්‍රශ්නයක් තියෙනවා නම් මට කියන්න, තියෙන ලියුමක් තියෙනවා නම් මට දෙන්න කියලා. සොක්කෝ නෙමේ ලොක්කෝ ඕනෙ කිව්ව මිනිස්සු ලොක්කව හොයද්දිලු‍ දන්නෙ මෙයා නොකියම පෑල දොරින් ගිහින් කියල. දැන් දැන් මිනිස්සු මග අරින මෙයා කාලයක් මනස්-කාන්ත කතා කිව්ව කෙනෙක්.