2025 ජනවාරි 18 වන සෙනසුරාදා

අපූරු විසඳුම

 2025 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 02:00 562

උඩරට සීතල වතුකර පැත්තෙන් ලොකු ජනප්‍රිය බවක් ලබල ආණ්ඩු පක්ෂයෙන් මන්ත්‍රී පදවියකට පත්වුණු එක්තරා නෝනා කෙනෙක් ඉන්නව.

හොඳ කථිකත්වයක් ඇති එතුමියට පසුගිය දවසක තිබුණු තෛපොංගල් උත්සව කාලෙ ලොකු ලොකු ප්‍රශ්න කිහිපයකට මුහුණ දෙන්න සිද්ධ වුණාලු. ඒකට හේතුව වතුකර ජනතාවට පොංගල් බත් උයන්න කැකුළු හාල් හිඟවීම කියලයි තතු දත් අය කියන්නෙ... කොහොම හරි එතුමිය ඉන්න වතුකර ගෙදරටත් පළාතෙ ජනතාව ඇවිල්ල මේ හාල් ප්‍රශ්නය ගැන ඝෝෂා කරල අන්තිමේදි මේ මන්ත්‍රී නෝනා මහත්තයා ඒ ඝෝෂාවෙන් බේරුණේ පොංගල් දවස්වල කොළඹ ඇවිල්ලලු.