2025 ජනවාරි 18 වන සෙනසුරාදා

අපි ඉන්නෙ පැදුරෙ

 2025 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 02:00 633

ආණ්ඩුවෙ වැඩවලට නිතරම චාමර පවන් සලන බදුලු පුත්‍රය තවත් මොකක්දෝ හෙළිදරව්වකට ලෑස්ති වෙනවය කියල කටකතාවක් යනව.

උන්නැහේ මේ පාර කරන්න යන්නෙත් ගිය පාර වගේ රටේ තොටේ ලොකු කතාබහක් ඇතිවෙන්න පුළුවන් දෙයක් බව උන්නැහේට සමීප ආරංචි මාර්ග කියනව.

ඉතින් මෙච්චර බලවත් ආණ්ඩුවක් සම්බන්ධව ඔහොම කරන්න බයක් සැකක් නැද්ද කියල එයාගෙ යාළුවො කිහිප දෙනෙක් ප්‍රශ්න කළාම එයා කිව්වලු අපි ඉන්නෙ පැදුරෙ... පැදුරෙන් බිමට වැටුණාම රිදෙන්නෙ නැහැ කියල...