2025 ජනවාරි 04 වන සෙනසුරාදා

මුල අමතකද?

 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00 766

අලු‍ත් ආණ්ඩුවේ සමහර අය සම්බන්ධයෙන් රටේ ලොකු තැන ටිකක් වැඩි අවධානය දීලලු‍ තියෙන්නෙ. සමහර අයට ළඟදීම අවවාද දෙන්නත් යනවලු‍. ලොකු තැන සහ පක්ෂය කිව්ව කරපුවා අහන්නෙ නැතුව හිතුමනාපෙ වැඩ කරන කිහිප දෙනෙක් ගැන ලොකු තැනට විස්තර ඇවිල්ලලු‍.

කොහොම වුණත් අනවශ්‍ය කතා කියන, ප්‍රශ්න හදාගන්න අයට නම් මේ අවුරුද්දේ කිසිම අවස්ථාවක් නොදෙන්න ලොකු තැන තීරණය කරලා. මොකද සමහර අයට අරමුණු අමතක වෙලා වගේ හැසිරෙන නිසා ඒ අයට ළඟදීම එන්න කියලා වෙන වෙනම කියා දෙන්නලු‍ යන්නෙ.