2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා

සහතිකයක්

 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00 622

දැන් කාලයක ඉඳලා සේවාව දිගු කරගෙන විවිධ විවිධ කතා ඇහෙන ආරක්ෂක අංශයේ ප්‍රධානියෙක් ගැන අලු‍ත් ආණ්ඩුවේ මන්ත්‍රීවරු රටේ ලොකු තැනගෙන් ප්‍රශ්න කළාලු‍.

“සහෝදරයා එයාව තියාගන්න එක ලොකු ප්‍රශ්නයක්. එයාට ලොකු චෝදනා තියෙනවා. එයාව යවමු අපි...”‍ කිව්වම රටේම ලොකු සහෝදරයා කල්පනාවක් දාගෙන ඉඳලා කිව්වලු‍ ඒ ප්‍රශ්නය එයා විසඳන්නම් කියලා. “එයාට ඔන්න ඔහොම ඉන්න දෙන්න. එළවන්න නරකයි. තව මාස දෙක තුනකින් එයාගේ දීර්ඝ කරපු සේවා කාලය ඉවර වෙනව. එතැනින් පස්සේ එයාට මම සේවා දිගු දෙන්නෙ නෑ. එයාව ඔහොමම ගෙදර යවනවා”‍ කියලා එයා විසඳන විදිහත් කිව්වලු. කොහොම හරි මන්ත්‍රී සහෝදරවරු නිහඬ වුණේ ලොකු සහෝදරයගේ මේ විශ්වාසවන්ත සහතිකය නිසාලු‍.

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00