2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා

ඒකත් කරන්නෙ එයාලමලු

 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00 1394

ආණ්ඩුව රටේ තිබෙන හාල් ප්‍රශ්නය විසඳන්න පිටරටින් හාල් ගේන්න තීන්දු කළා... ඒ ගැන ජනතාව සංතෝෂ වුණා. මොකද උත්සව කාලෙට හාල් මිල නග්ගල මෝල්පතියො පොහොසත් වෙන නිසා...

කොහොම හරි මේකට ටෙන්ඩර් කැඳෙව්ව ආණ්ඩුවෙ ආයතනයකින්ම... ඒත් අපට තියෙන ආරංචියෙ හැටියට ටෙන්ඩරේට අයදුම්පත් දාල තියෙන්නෙත් ඔය කියන මෝල්පතියන්ම වෙන වෙන අය මාර්ගයෙන්ලු...

අඩු මිලට ටෙන්ඩර් දාපු අයගෙ මිල ගණන් රහසිගතව ලබාගෙන පුලතිසිපුරේ මෝල්පතියො දෙතුන් දෙනෙක්... ඊට වඩා පොඩි ගණනක් අඩුවෙන් ටෙන්ඩර් දම්මලලු... අන්තිමේදි රට හාල් බිස්නස් එකත් කරන්න යන්නෙ ඔය කියන මෝල්පතියොම කියල තතු දත් අය කියනව.