2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා

අලි හුටපටය

 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00 1039

අලි පාටියේ සභාපතිතුමා ගැන දැන් දැන් එල්ල වෙන චෝදනා එච්චර හොඳම නෑලු‍. ලොක්කට බලය ඇති කාලේ නම පාවිච්චි කරල කරපු දේවලු‍යි, පක්ෂයේ අයට කරපු කෙනෙහිලිකමුයි නිසා මෙයාට දැන් දැන් ප්‍රශ්න පිට ප්‍රශ්න ගොඩගැහිලා.

කොහොම වුණත් පිට පාරෙන් ලොක්කා දැනුවත්ව දියවන්නාව තරණය කළ කෙනා දැන් මෙයාට ගේමක් දෙන්නලු‍ යන්නෙ. ඒ තනතුරෙන් එළවලා දමන්නලු‍. එයාලගේ තීරණ ගන්න මණ්ඩලයේ කට්ටිය එක්ක කතා කරලා මෙයා ඒ තනතුරට සුදුසු නෑ කියලා කියවලා ගෙදර යවන්නලු‍ යන්නෙ. මෙයාගේ වැඩේ ඉවර වුණු ගමන් කට්ටිය හැරෙන්න ඉන්නෙ ගාලු‍ පැත්තටලු‍.