2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා

උන්නැහේ ගිහිල්ලලු

 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00 4126

මීගමුව පැත්තෙන් පසුගිය කාලෙ කවුන්සිලේට ඇවිල්ල අලුත් දේශපාලන සන්ධානයකට මුලපුරපු ප්‍රකට දේශපාලකතුමෙක් තමන්ට ඇතිවුණු කලකිරීම නිසා රට දාල විදේශගත වුණාලු. උන්නැහේ තවත් කාලෙකට ලංකාවට එන්නෙ නැහැ කියල තමන්ගෙ හිතවතුන්ටත් කියලලු ගියේ.

සිලින්ඩරේ පක්ෂයෙ ජාතික ලැයිස්තුවටත් නම යෝජනා වෙච්ච මුන්නැහේ පක්ෂයෙ ඉහළ තැන්වල ඉන්න දෙතුන් දෙනෙක්ගෙ කුලල් කාගැනීමේ නිසා දේශපාලනේ එපා වෙන මට්ටමට කලකිරිලලු යන්න ගියේ.
කලකට ඉහත පොහොට්ටුවෙ ලොක්කෙක්ව හිටපු මුන්නැහේ එතැනින් එළියට බැස්සෙත් කලකිරීම නිසාය කියලයි කිව්වෙ...

කොහොම නමුත් මුන්නැහේගෙ පිටත්වීම සිලින්ඩර සන්ධානෙට තීරණාත්මකව බලපාන කාරණයක් කියල තතු දත් අය කියනව.

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00