2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා

ගේමකට සෙට්වෙන පොරක්

 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00 644

පහුගිය මැතිවරණ කාලයේ පක්ෂයෙන් ගොඩක් කැපිල්ලට ලක්වුණු දුරකථන පාටියේ කෙනෙක් මේ පාර කොළඹින් වැඩිපුරත් ඡන්ද අරගෙන ආවා. මෙයා ඉතාම කලකිරීමෙන් පක්ෂයේ කෙනෙහිලිකම් මැද්දේ වැඩ කළාට ජනතාව මෙයාට සාධාරණය ඉෂ්ඨ කළා. ඉතින් ආර්ථිකය ගැන හොඳට දන්න මෙයා මේ පාර පාර්ලිමේන්තුවේදී තනි ගේමක් ගහන්න ප්ලෑනක් අඳිනවලු‍. එහෙම තනියෙන් සෙට්වෙලා මෙයා ගේම ගහනකොට ඒ පක්ෂයෙම තවත් දෙන්නෙක් තුන්දෙනෙක් එකතු කරගන්නලු‍ යන්නෙ.

කොහොම වුණත් මේ කතාවේ පිටිපස්සේ තියෙන්නෙ දුරකථන පාටියේ ලොකුම පුටුවක් හොල්ලන එකලු. එහෙම හොල්ලල බලය අලි පාටියේ ලොක්කට පූජා කරන්නලු‍ මෙයා ඇතුළු කට්ටියගේ හීනෙ. කොහොම වුණත් ඒ දකින හීනය සැබෑ කරගන්න ඇතුළෙන් නම් ගේමක් දැනටමත් යනවලු‍.

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00