දුරකථන පාටියේ මහා කටකාර හැඩකාර හිරු වගේ තැනැත්තියක් මේ දවස්වල ඉන්නෙ ඉතාම දරුණු විදිහට කඩා වැටිලලු.
ඒකට හේතුව පක්ෂය ඇතුළෙන් පොඩ්ඩ පොඩ්ඩ සිද්ධවෙන පලා නොකියා පලා බෙදෙන වැඩ නිසාලු. කොහොම වුණත් පහුගිය ටිකේ තනතුරුවලින් පවා ආයුබෝවන් කියන්න හැදුව මෙයාව බලෙන් පක්ෂය ඇතුළේ තියාගත්තට පක්ෂයෙන් එන කොළ එළියක් නම් නෑලු.
ආරංචි හැටියට මෙයාට ඡන්දය ඉවර වුණු ගමන් ලොකු වෙනසක් කරන්නලු යන්නෙ. කොහොම වුණත් මේ කැපිල්ල ගැන සමහර අය දැනගෙනම මෙයාට දැනුම් දීලලු තියෙන්නෙ ඔයා මේ ටිකේ පොඩ්ඩක් ඉවසලා සද්දේ වහලා ඉන්න කියලා. ඉතින් මේ නිසා හිරු වගේ එළිය දෙන්න හිටිය මෙයා දැන් අඳුරෙලු ඉන්නෙ.