2024 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා

උන්නැහේ විදේශගතයි

 2024 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00 3690

මේ රටේ ප්‍රධානම පක්ෂයක මහ ලේකම් සයිස් මහත්තයෙක් ඡන්ද ප්‍රතිඵලයත් සමඟම විදේශගත වෙලාලු...

උන්නැහේ යන්න කලින් තමන්ගෙ පක්ෂය ගැන ආන්දෝලනාත්මක කතා කියපු කෙනෙක් බවත් ආරංචියි...

එයා විදේශගත වුණේ උන්නැහේගෙ තනතුරට පක්ෂයෙ කිහිප දෙනෙක් කටුව ගහන්න බලන් හිටපු නිසාලු... කොහොම නමුත් උන්නැහේ දැන් ඉන්න රටේ තව ටික කාලයක් ඉන්න හිතාගෙන ගිය බවයි තතු දත් අය කියන්නෙ.

මේ කතන්දරේ ආරංචි වෙච්ච කිහිප දෙනෙක්ම දැන් ඔය පක්ෂයෙ ලේකම් පුටුවට සැට් වෙන්න බලන් ඉන්නවලු. කවුරු බලන් හිටියත් මහ ඡන්දෙන් පස්සෙ ඒ ගැන පක්ෂයෙ ලොකු තැන ලොකු තීන්දුවක් ගනීවි කියල ආරංචියක් යනව...

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00