2024 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා

මතක් කරන්න එපා

 2024 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00 688

අලි පාටියේ ගෑස් සිලින්ඩරයේ වගේම රටේ හිටපු ලොකු තැන පහුගිය දවසක බස්නාහිර පළාතේ අපේක්ෂක කණ්ඩායම ගෙනල්ලා රැස්වීමක් තිබ්බලු‍.

මේ රැස්වීමෙදි ඉතින් ඔය ඉදිරි මැතිවරණය, ආණ්ඩුවේ වැඩ, එතුමගේ දේශපාලන වැඩ ගැන එහෙම කතාබහ ලොකුවට ගියාලු‍. එහෙම ඉන්න අතරේ කෙනෙක් දෙන්නෙක් විපක්ෂයේ ලොකුම චරිතය ගැන නම කියාගෙන ප්‍රශ්නයක් අහන්න ආවලු‍. ඒකට හරස් වුණු ලොක්කා කිව්වලු‍ “මේ මේ... එයා ගැන කතා කරලා මගේ කාලය කන්න එපා. කතා කරන්න දෙයක් නැත්තං දැන් යන්න”‍ කියල. ආරංචි හැටියට හිටපු ලොකු තැන එයාගෙ නමවත් අහන්න ආසා නෑලු‍.
කොහොම වුණත් මෙතැනදී තීරණය කළාලු‍ ගෑස් සිලින්ඩරයේ ජයග්‍රහණය වෙනුවෙන්  එයා ඉදිරියේදී හැම රැස්වීමකටම ගොඩවෙලා කතා කරනවා කියලා.