2024 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා

කරල පෙන්නයිලු

 2024 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00 558

අලි පාටියේ කොළඹ ලොකු බල කණු කිහිපයක් මේ පාර තරග කරන එක අත්හැරියලු‍ හදිසියේම. ඒකට හේතුව දකුණෙ චරිතයක් කොළඹට දැම්ම එකලු‍. කොළඹ ගොඩක් වැඩ කරපු අය ඉඳිද්දි මේ විදිහට පිටින් කෙනෙක් ගෙනල්ලා දාපු එකට කොළඹ බල කණුවලට යක්ෂයා වැහිලලු‍ ඉන්නේ.

කොහොම වුණත් වැඩියෙන්ම තරහා තියෙන්නේ කරුණාවට බර කෙනෙක්ටලු‍. එයා කොහෙත්ම කැමැති නෑලු‍ මේ ගාල්ලේ කෙනා මෙතැනට ආපු එකට. ඒ නිසා එයා ඡන්ද වැඩවලට පය නොතියන්න තීරණය කරලලු‍. කොහොම වුණත් එයාට වැඩ කරපු අය ඇමතුම් දීලා මොකක්ද කරන්නේ කියලා ඇහුවමත් කියන්නේ “අපිව අපේ පක්ෂයට වැඩක් නෑ. ඒ නිසා වෙන දේ බලාගෙන ඉන්නවා. ගාල්ලෙන් ආපු අය කරලා පෙන්නයිනේ”‍ කියලා විතරයිලු‍.