2024 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා

වෙට්ටුවක් දාන්න ගිහින්

 2024 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 02:00 816

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්තුමා ඉල්ලා අස්වීමත් එක්ක ඒකට කෙල හලාගෙන හිටිය කෙනෙක් හිටියලු‍ ප්‍රවෘත්ති කන්තෝරුවක ලොක්කෙක්. ඉතින් මෙයා උත්සහයක් දැම්මලු‍ අලු‍ත් ලොකු තැනට කියලා එතැනට පැනගන්න. ලොකු තැන තනතුරු දෙන්න කලින් කැරැට්ටුව පරීක්ෂා කරන නිසා මේ ප්‍රවෘත්ති කන්තෝරුවේ ලොක්කගේ පැටිකිරිය බැලු‍වලු‍.

මෙයා යහපාලන ලොකු උන්නාන්සෙගේ කාලේ පුලතිසිපුර ලොකු ලියන මහත්තයා. එහෙ කචල් එකක් වෙලා දැම්මලු‍ වයඹ පළාත් ලියන තැන කරලා. අප්පා එතැනත් වැඩේ ඇනුවලු‍. ඊට පස්සේ තමයිලු‍ ඔය ප්‍රවෘත්ති ලොකු තැනට ඇවිල්ලා තියෙන්නේ. එයාගේ කැරැට්ටුව අප්සෙට්ලු. මේක ආරංචි වෙච්ච අලු‍ත් ලොකු තැන කිව්වලු‍ “කොහෙත්ම එපා”‍ කියලා. ආරංචි හැටියට අලු‍ත් එක ගන්න ගිහින් පරණ දේවල් ඇදිච්ච නිසා ගෙදරම යන්න වෙයි කියලා.

 

 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 21 වන සෙනසුරාදා, ප.ව. 02:00