2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා

වලියක්

 2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00 2598

ආණ්ඩුවෙ ඉන්න පොහොට්ටුවෙන් ආපු කස්ටිය හා අත පාටියෙන් ආපු කස්ටිය අතරෙ මිණිපුරේ තිබුණ එක්තරා සංවිධානයක රැස්වීමක දි ලොකු ගෝරියක් ගියාලු.

පොහොට්ටුවෙන් ආපු අය අත පාටියෙ කස්ටියව ගණන් ගන්නෙ නැහැ.. කිසිම වැඩක් පවරන්නෙ නැහැ.. කියලලු කතාව පටන් ගත්තෙ. ‘වක්’ වෙච්ච රාජ්‍ය මට්ටමේ ඇමැති කෙනකුයි රාහු වගේ ඉන්න හිටපු පළාත් ඇමැති කෙනකුයි මෙතැනදි නපුරු වචනවලින් සංග්‍රහ කරගෙන පස්සෙ අත පය දික් කරගෙන ගුටි ගහගන්නත් සැට් වුණාලු...
දෙන්නම පාර දෙක තුනක් වදිනකොට ළඟ හිටපු ආරක්ෂකයො පැනල දෙන්නා දෙපැත්තට කරල ගෝරිය බේරගත්තලු...
ඊටපස්සෙත් දෙන්නා දෙපැත්තෙ ඉඳං තිත්ත කතාවෙන් පැය ගණනක් බැණගත්ත බවයි තතු දත් අය කියන්නෙ.

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00