2024 අගෝස්තු 31 වන සෙනසුරාදා

එලෙව්වාලු

 2024 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 02:00 774

පසුගිය දවස්වල දකුණු ලකේ අගනගරේ ලොකු කාන්තා හමුවක් තිබුණලු. ඒක සංවිධානය කළේ ඒ පළාතෙ ඉන්න ඇමැති සයිස් නෝන මහත්තයෙක්... එයා ජනප්‍රිය කලාකාරියක්.

ඉතින් එයාගෙ මේ හමුවට ආරාධිතයො හැටියට කොළඹින් ආව එක්තරා ලොකු ඇමැති මහත්තයෙක්ගෙ දෝනියන්දැ කෙනෙක්... මේ දුව තාත්තගෙ රස්නෙ ලොකුවට තියෙන කෙනෙක්ලු.

ඉතින් එයා ඇවිල්ල කාන්තා හමුව සංවිධානය කරපු රාජ්‍ය ඇමැති නෝනට මහ ලොකු මට්ටමින් උපදෙස් දෙන්න පටන් ගත්තලු. “ඔහොම කරන්න එපා අර විදියටයි කරන්න ඕන” වගේ කතා කියමින් උපදෙස් දෙන්න ගත්තම සංවිධායක ඇමැති නෝනට මල පැන්නලු. මල පැනල කොළඹින් ගිය ඇමැති දුව පන්න ගත්ත කියල තතු දත් අය කියනව.