2024 අගෝස්තු 24 වන සෙනසුරාදා

ඒ දෙන්නට කොක්කක්

 2024 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 02:00 507

අනුරාධපුරයේ දෙවියන්ගේ මහැදුරු කෙනකුයි, කොළඹින් මැති සභයට ගිහිල්ලා හොඳට නීතිය නවපු කෙනකුයි පුදුම ට්‍රයි එකක් දෙනවලු දුරකථන පාටියට සෙට් වෙන්න. මේ අය ඒ පක්ෂයේ දන්න දන්න අයට එක එක කෝල් දීලා අහනවලු ඉඩක් එහෙම නැද්ද කියලා. කොහොම හරි වැඩේ කට ළඟට එද්දිම වැඩේ කුඩුපට්ටම් වුණාලු. ඒකට හේතුව දුරකථන පාටියේ ලොක්කට දුන්න උපදේශයක් නිසාලු. “සර් ඒ දෙන්නව ගන්න එපා. ඒ දෙන්නා තමයි අරුන්දැගේ කාලේ ජාතිවාදය හොඳටම ඇවිස්සුවේ. සර්ට ඒ නිසා ඡන්ද නැතිවෙයි” කියලා කිව්වලු.

මේක අහපු ලොකු තැන කලබල වෙලා වහාම දැනුම් දුන්නලු ඒ දෙන්නව ගන්න එපා කියලා. පස්සෙ බලමු කියලා. එතකල් ඈතින් ඉඳන් හුරේ දාගෙන ඉන්න කිව්වලු. කොහොම වුණත් වැඩේ හරි ගියේ නැති නිසා මේ දෙන්නා දැන් යන එන මං නැතුවලු ඉන්නේ.

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00