2024 අගෝස්තු 24 වන සෙනසුරාදා

පුතාගෙ ගමන කම්මුතුයි

 2024 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 02:00 4660

අත පාටියේ වාරණයට ලක්වෙලා ඉන්න සභාපති පුටුව මේ දවස් ටිකේ එයාගේ අනාගතය සම්පූර්ණයෙන් අමතක කරලා තමන්ගේ පුත්‍රයගේ අනාගතය වෙනුවෙන් ලොකු වෙහෙසක් ගන්නවලු. ගහපු ගහපු තුරුම්පුව හරි ගියේම නෑලු. මෙයා හැදුවෙම මෙයාගේ සහය දෙන්නම් කියලා පුතාට ආසනයක් ගන්නලු. ඒත් කිසිම කෙනෙක් එකඟ වුණේ නෑලු. මොකද තාත්තව ගන්න කිසිම කෙනෙක් කැමති නෑලු.

පුතාට අන්තිමේ අතත් නෑලු තැනත් නෑලු. කොහොම හරි අන්තිම කොක්ක ගහන්න පුතාට තැනක් හදාගන්න කියලා දුරකථන පාටියට අඩිය තිබ්බා විතරලු. ඔක්කොම අකමැති වුණාලු. ඒ නිසා ආරංචි හැටියට පුතාගේ දේශපාලන ගමන ඉවරයිලු. ආයේ පුතා දේශපාලනයට එන්නේ නෑ කියලා තමයිලු ආරංචිය.

 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 21 වන සෙනසුරාදා, ප.ව. 02:00