2024 අගෝස්තු 17 වන සෙනසුරාදා

රහසක් හෙළිවූ හැටි

 2024 අගෝස්තු 17 වන සෙනසුරාදා, ප.ව. 02:00 560

කොළඹින් ටිකක් දුර පළාතක් නියෝජනේ කරන කැබිනට් සයිස් කෙනෙක් පසුගියදා හදිස්සියෙම සිංගප්පූරුවට ගියාලු.
එයාගෙ මේ ගමන කොයි තරම් හදිස්සියෙන් වුණාද කිව්වොත් උදේ සිංගප්පූරු ගිහිල්ල එදාම හවස නැවත ලංකාවටත් ආව කියලයි තතු දත් අය කියන්නෙ.


ඉතාම රහසිගතව මේ ගමන සංවිධානය කරල තිබුණත් කටුනායක ගුවන් තොටුපොළේ දී මෙරට ඉහළම දේශපාලන පවුලක නෝනා කෙනකුට අර කැබිනට් සයිස් එක්කෙනා හම්බුවුණාම එයා හුඟක් අප්සෙට් ගිය බවත් ආරංචියි...
මේ කැබිනට් සයිස් කෙනා හදිස්සියෙ සිංගප්පූරු ගියේ ඇයිද කියල කවුරුවත් දන්නෙ නෑ. හැබැයි එයාගෙ සිංගප්පූරු ගමනට පහුවැනිදා එයා එතෙක් තමන් හිටපු පක්ෂයට ආයුබෝවන් කියල පැත්ත මාරු කළා. ඒ කියන්නෙ එයා පැන්නා.

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00