2024 අගෝස්තු 10 වන සෙනසුරාදා

වැඩේ අප්සෙට්

 2024 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 02:00 530

කළුතර පැත්තේ වෙද මහත්තයෙක් රටේ ලොකු තැනට සහය දෙන්න යන්න ලෑස්ති වුණානේ. හැබැයි තවම වැඩේ වෙන පාටක් නෑලු. ටික ටික වැඩේ ඇදෙනවලු. ඒකට හේතුව දුන්න පොරොන්දුව තවම හරියට වුණේ නැති නිසාලු. මේ ඩීල් එක කතා කළේ එයාගේ ලොකු පුතා. කට එහෙම තියෙන චතුර කථිකයකු වන මේ හාදයා වැඩේ කතා කළාට කොල්ලට දුන්න පොරොන්දු එකක්වත් වුණේ නෑලු. මේ නිසා එයා හරිම කනගාටුවෙන්ලු ඉන්නේ.

කොහොම වුණත් දැන් එයා ආයේ හිටපු කෙනා එක්ක එකට යන්න ට්‍රයි එකක් දෙනවලු. ඒ පුංචි දාස එක්ක. ඒත් පුංචි දාස නෙමේලු දැන් මෙයාව විශ්වාස කරන්නේ. ඇතුළේ අය ගොඩක් කිව්වලු ආයේ මෙයාව ගන්න එපා කියලා. මේ නිසා එයාට දැන් ආයේ යන එන මං නෑලු. මෙයා ඉන්නේ දැන් හරිම කනගාටුවෙන්ලු.

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00