2024 අගෝස්තු 10 වන සෙනසුරාදා

කාගෙද මේ වැඩේ

 2024 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 02:00 672

ආණ්ඩුවෙ ලොකුම ඡන්ද අපේක්ෂකතුමා තමන්ගෙ ඡන්ද ලකුණ හැටියට මුලින් තෝරාගත්තෙ ‘හදවත’ ලකුණලු...
ඒ හදවත ලකුණ උන්නැහේට ගන්න කියල යෝජනා කළෙත් ඒක ලස්සනට ඇඳලා සකස් කරලා දුන්නෙත් රටේ තවත් ලොකුම දේශපාලන පවුලක බාල පුත්‍රයාය කියලා කතාවක් යනවා.

මේ පුතා ඇතුළත් වෙන දේශපාලන පවුලෙ හුඟ දෙනෙක් රටේ ලොකු මහත්තයට ඉදිරි ඡන්දෙදි සහය දෙන්නෙ නැතිලු...නමුත් ඒ පවුලෙ පුත්තු දෙන්නෙක් විතරක් ලොකු මහත්තයට සහය දෙන්න විතරක් නෙවෙයි එයින් එක්කෙනෙක් උන්නැහේගෙ ප්‍රචාරක ව්‍යාපාරෙටත් නායකත්වය දෙනවලු...

කොහොම නමුත් මේ තරුණ පුත්‍රයා හදලා දුන්න හදවත ලකුණට ඡන්ද කොමිසමේ අනුමැතිය නොලැබීම නිසා ඒ වෙනුවට වෙනත් ලකුණකින් එන්න ලොකු මහත්තයා තීන්දු කරලලු.

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00