2017 ජුනි 24 වන සෙනසුරාදා

ක්‍රිකට් පිපිරිල්ල

 2017 ජුනි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 367

ලෝක ක්‍රිකට් චැම්පියන්ලගෙ කුසලානෙන් පස්සෙ වැඩියෙන්ම ඇවිලුණේ ඉන්දියාව... ඒ අතරෙ ලංකාවෙ ක්‍රිකට් කස්ටියගෙත් අළු යට ගිනි වගේ තිබුණ ප්‍රශ්නයක් සද්ද බද්ද නැතුවම පුපුරලා ගිහිල්ලලු.

ක්‍රිකට් මණ්ඩලේ හිටපු සභාපතිවරයගෙත් වගේම දැන් ලෝක ක්‍රිකට් වැඩ භාරව ඉන්න ජයන්ත උන්නැගේ තමන්ගේ ඉල්ලා අස්වීම භාරදීම ඉතාම රහසිගතව සිද්ධවෙලාලු...

මීට පෙර දෙවතාවක්ම උන්නැහේ අස්වෙන්න දුන්න ලියුම ක්‍රිකට් සභාපති තැන භාරගන්නෙ නැතුව වගේම මේ පාරත් ලියුම භාරගන්න බැහැ කියලා... ඒත් උප සභාපති තැන ඒ ඉල්ලීම පිළිඅරන් නැති බවයි අපට තියෙන ආරංචිය.

මේ අස්වීමට එකම හේතුව චැම්පියන් කුසලානෙ පරාදවීමම නොවෙයි කියලත් ආරංචියක් යනවා. දිගින් දිගටම ක්‍රිකට් සභාවෙ සිද්ධවෙන තමන්ට අනුමත කරන්න බැරි වැඩවලට විරෝධය පෑමත් අස්වීමට හේතුවක්ලු...

මේ අස්වීමෙන් පස්සෙ තවත් අස්වීම් ගණනාවක් වෙන්න පුළුවන් කියලා කාරණා කාරණා දන්න අය කියනවා... ගුරා වුණත් ඉන්නෙ වැට උඩලු.

 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00