2024 ජුනි 01 වන සෙනසුරාදා

කඩවුණු පොරොන්දු

 2024 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 02:00 734

මේ දවස්වල දේශපාලන කරණම් හරියට සිද්ධ වෙනව. ඉතින් පසුගිය දවසක මෙච්චර කල් පොහොට්ටුව පැත්තෙ හිටපු වමේ පක්ෂෙකට බර ඈත පළාතකින් ආපු මන්ත්‍රීතුමෙක් අලි පාටියට සහාය දෙන්න ගියා.

මේක සිද්ධවුණේ මැයි දිනේ දවසෙ. මේකට කපුකම කළේ ආණ්ඩුවෙ ඇමැති සයිස් මහත්තයෙක්ලු.

ඉතින් උන්නැහේ මේ පක්ෂ මාරු කළ මන්ත්‍රීට නොයෙක් තනතුරු හා වරප්‍රසාද පොරොන්දු වෙලාලු එයා වැඩේට කැමැති කරගත්තෙ. 

කොහොම හරි කියාපු විදියට පක්ෂ මාරුව සිද්ධ වුණා. ඒත් අනේ අර මන්ත්‍රීතුමාට වෙච්ච පොරොන්දු නම් තවම ඉටුවුණේ නැහැල්ලු. ඒ ගැන එයා හරිම දුකෙන්ලු ඉන්නෙ...

අන්තිමේදි මේ වැඩේට කපුකම කරපු ඇමැති සයිස් මහත්තයගෙ දුරකථනෙට කතා කළාම ඒකට උත්තර දෙන්නෙත් නැතිලු...

තමන්ට අල්ලපු අත්තත් නැතිවුණා... පය ගහපු අත්තත් නැතිවුණා කියලා අර මන්ත්‍රීතුමා තමන්ගෙ මිතුරන්ට කියමින් ඉන්න බවයි ආරංචි.

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00