2024 ජුනි 01 වන සෙනසුරාදා

පට්ටම් බෙදිල්ල

 2024 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 02:00 652

දුරකථන පාටියේ අය නම් දැන් ඉන්නේ ජයගත් මානසිකත්වයෙන්ලු. මේ අය නිකං ඉන්න ගමන් කැබිනට් මණ්ඩලයත් එහෙන් මෙහෙන් හදවනවලු. ඉතින් කට්ටිය මේ ළඟදි හදපු කැබිනට් එකේ ලැයිස්තුවක් මෙන්න මෙහෙම ලීක් වුණාලු.

පක්ෂයේ ලියන මහත්තයා රටේ දෙවැනියා කරන්නලු හදන්නේ. කොළඹ පැත්තේ ආර්ථික ඔස්තාර්ලා දෙන්නට මුදල් සහ ආර්ථික කටයුතු... කොළඹ කට තියෙන කෙනෙක් නාගරික සංවර්ධනේලු... කළුතර කට තියෙන කෙනා සෞඛ්‍ය...

මහනුවර ඇල්ලක් වගේ ඉන්න කෙනා ඉඩම් හෝ මහාමාර්ග... මහාමාර්ග කෑගල්ලේ පැත්තේ කෙනකුත් ඉන්නවා... නුවර පැත්තේ තව කෙනෙක් ජනමාධ්‍ය... රත්නපුරේ කෙනෙක් ක්‍රීඩා හා යෞවන... මේ වගේ ලැයිස්තුවක් තියෙනවලු. 

හැබැයි මේ ඒ අය කැමැතිම ඒවලු. ආරංචි හැටියට මේවා මේ අය කටින්ම ඉස්සරහට ඉල්ලන්නලු ඉන්නේ.  කොහොම වුණත් කට්ටියම කතා වුණාලු මේවා ලොක්කට දෙන්න බැරි වුණොත් තමා ලෝක යුද්ධය පටන් ගන්නේ කියලා.

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00