2024 මැයි 25 වන සෙනසුරාදා

වැඩට බැස්ස දෙන්නෙක්

 2024 මැයි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00 508

රටේ ලොකු තැන තෝරන ඡන්දයට උන්නැහේ ඉදිරිපත් වෙන්න යනවය කියන නිසා මේ වැඩේදි එයාට හිතවත් ගෝලයෝ කිහිප දෙනෙක් ඡන්ද වැඩ හසුරුවන්න දාගත්තලු. මේ අතර එයාට ඕනම වුණේ පොහොට්ටුවේ දෙන්නෙක් වැඩේට දාගන්න. මේ වැඩේට ලොක්කට හිතවත් සහ විශ්වාසවන්තම දෙන්නෙක් දාගත්තලු. එක්කෙනෙක් ගම්පහ පරම්පරාගත දේශපාලනඥයෙක්ලු. අනෙක් කෙනා මාතර පැත්තේ. ඒත් පරම්පරාගත තරුණ දේශපාලනඥයෙක්ලු. මේ දෙන්නා තමයිලු වැඩේට දැම්මේ.

කොහොම වුණත් මේ දෙන්නා ඉන්න මතය තමයි මේ ලොක්කා ආයේ ලොකු පුටුවට ඉල්ලන්න ඕනෑ කියලා. ඒ නිසාමලු දැම්මේ. දැන් මේ දෙන්නා කරන්නේ පොහොට්ටුවේ කට්ටිය එක්ක පොඩ්ඩ පොඩ්ඩ වැඩේ කතා කරගෙන ඔලුව හදාගෙන යන එකලු. කොහොම වුණත් පොහොට්ටුවේ මතය නම් මේ සියල්ලට වඩා වෙනස්ලු.

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00