2024 මැයි 11 වන සෙනසුරාදා

අලුත් මුහුණක්

 2024 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00 615

පහුගිය ජනාධිපතිවරණයේදී ජාතික නායකයෙක් ගේන්න වැඩ කරපු පංචායුද අය, පිවිතුරු අය එහෙම දැන් ඉන්නේ පාඩුවේ. ඒත් යම් යම් වැඩ අත්හදා බලනවලු කරන්න පුළුවන්ද කියලා. මේ අතර තමයිලු කට්ටිය වැඩකට අත ගහන්න ප්ලෑන් කළේ. කොළඹ පන්සලක හිමිනමක් වැඩේට අර අදිමින් යන්නේ. මේකට උඩ කුමාරවරු දෙන්නයි, අර අත පාටියෙන් එළියට දාපු ලියන මහත්තයයි, තව අත පාටියෙන් එළියට බැහැලා පොහොට්ටු ගිහින් පස්සේ ආයේ ස්වාධීන වුණු කිහිප දෙනකුත් ඉන්නවලු.

මෙයාලා අලුත් ජනතා සභාවක් හදලා එතැනින් නායකයෙක් ගේන්නලු යන්නේ. මේ නායකයා එයාලා අතර නෑලු. පිටින් දාන්න යන්නේ කියලයි ආරංචිය. කොහොම වුණත් මේ පළමු වෙඩි මුරය පහුගිය සතියක කාටත් හොරෙන් උඩට තිබ්බා කියලයි ආරංචිය.

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00