2024 මැයි 11 වන සෙනසුරාදා

ආරාධනා නැහැ

 2024 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00 554

දියවන්නාවෙ තනතුරක් දරමින් බොහොම 'කූල්' එකේ දේශපාලනේ කරන මුන්නැහේ ආණ්ඩුවෙ බලවත් ඇමැති කෙනෙක්... එයා දැන් කියන්නෙ තමන් ඇමැති වුණාට දියවන්නාවෙ ස්වාධීනව ඉන්නවය කියලයි...

ඉතින් කොහොම හරි වෙනද මැයි දින වේදිකාවල ජයට කතා කරන මුන්නැහේ මේ පාර මැයි දිනේදි දකින්න හම්බවුණේ නැහැ... ඊට පස්සෙ උන්නැහේගෙම හිතවතුන් ගිහිල්ල එයාගෙන් ඇහුව "ඇයි සර් මැයි දිනේට නොගියෙ කියල..." ඊළඟට මේ ඇමැති තැන කිව්වෙ මේකයි...

''මට කිසිම පක්ෂයකින් ආරාධනා කළේ නැහැ.. ඒ නිසා මම ගියේ නැතුව ගෙදර හිටියෙ කියල..''
කොළඹ දිසාවෙන් කවුන්සිලේට ආපු මේ ප්‍රබලය දැන් ඉන්නෙ බලවත් කනස්සල්ලකින්ලු.

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00