2017 ජුනි 17 වන සෙනසුරාදා

වරද ලේකම්ගෙ

 2017 ජුනි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 335

ආණ්ඩුවෙ ඉන්න සමහර ඇමැති සයිස් මහත්තුරු දෙන නියෝග ඒ විදියටම ඉෂ්ට කරන්න බැහැ කියන ලේකම් සයිස් මහත්තුරු ගණනාවක් ඉන්නවලු.

උන්නැහේල එහෙම කියන්නෙ මේ සමහර නියෝග නීතියෙ හැටියට කොරන්න බැරි හින්දලු... ඒත් ඒ ගැන අසතුටටත් කෝපයටත් පත්වුණ ඇමැති සයිස් මහත්තුරු ලේකම්ලට කියන්නෙ මේව කරන්න බැරිනම් පූල් එකට යන්න කියලලු... මේ විදියට අලුතින්ම පූල්ගත වෙන්න යන්නෙ එක්තරා කර්මයකට සම්බන්ධ ලේකම්තුමෙකුටය කියලා ආරංචියි.

ඒ අමාත්‍යංශයට කුලියට ගත්ත බිල්ඩිමක් ගැන තියන ප්‍රශ්නෙ ඇතිවුණේ ලේකම් තැන නිසා කියලලු දේසපාලන අංස කල්පනා කොරන්නෙ... අන්තිමට කොතනත් සිද්ධවෙන විදියට පහත් තැනින් යයි ගලා ජලේ කියල ප්‍රශ්නෙ ලේකම් තැනගෙ කරේ තියල බලවත් අය අත පිහදාගන්න යනවය කියල ඔය කර්මය ඇතුළෙ කස්ටිය කතාවෙනවා.

 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00