2024 මාර්තු 30 වන සෙනසුරාදා

පැත්තකින් තියමු

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00 673

ටැලිෆෝන් පක්ෂයත් එක්ක සන්ධාන ගතවෙලා ඉඳලා ඒ ලැයිස්තුවෙන්ම දියවන්නාවට ආපු එක්තරා නායක මට්ටමේ මහත්තයෙක් ඉන්නව.

උන්නැහේ පසුගිය කාලෙ ටැලිෆෝන් පක්ෂයත් එක්ක තිබුණු සබඳතා නතර කරල වෙනත් පක්ෂ ගණනාවක් එක්ක සැට් වෙන්න බැලුව... ඒත් ඒව හරිගියේ නැහැල්ලු... කොහොම හරි මේ පක්ෂ නායක උන්නැහේ පසුගියදාක ටැලිෆෝන් පාටියෙ ඉහළම තනතුරක් දරන කෙනෙක් සමඟ රහසිගතව ගිහිල්ල ටැලිෆෝන් පක්ෂයෙ ලොකු තැන හමුවුණාලු...

හමුවෙලා නැවතත් පරණ යාළුකම් අලුත් කරගෙන සැට් වෙන්නලු බැලුවෙ... ඒත් අනේ ටැලිෆෝන් ලොක්කලගෙ පැත්තෙන් එයාට හොඳ ප්‍රතිචාරයක් ලැබිල නැතිලු.

මෙයා කලින් කලට දිනන්න පුළුවන් පක්ෂවලට සැට්වෙන කෙනෙක්...

ඇවිල්ල ආපු දවසෙ ඉඳල 'නායක' හීනෙ ඔලුවෙ තියාගෙන අවුල් ඇති කරන්න බලනව.. ඒ හින්ද දැනට එයා පැත්තකින් තියමු කියන අදහසලු ටැලිෆෝන් ලොක්කන්ගෙ අදහස.