2024 මාර්තු 30 වන සෙනසුරාදා

සන්තෝසම

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00 912

කොළඹ නගරයේ බේරෙවැව කිට්ටුව තියෙන අලංකාර තට්ටු නිවාස සංකීර්ණය මේ වෙද්දි හදලා ඉවරයි. ඒක විදේශ ආයෝජනයක්. මේක හදලා ඉවර වුණාට පස්සේ අනුමත සැලැස්මට අනුව වැඩේ අහවරයි කියලා නිශ්කාෂණ වාර්තාවක් දෙන්න ඕන. මේක දෙන්නේ ආණ්ඩුවේ එක්තරා අමාත්‍යංශයකින්.

මේ නිවාස කොම්පැණියේ කට්ටිය මාස ගාණක් තිස්සේ මේ වාර්තාව ගන්න ලොකූ උත්සාහයක් දැරුවා. ඒත් වැඩේ සිද්ධ වුණේ නෑ. අන්තිමට කොම්පැණියේ කට්ටිය මේ ගැන හොයාගෙන හොයාගෙන යනකොට මේ අනුමැතිය ගන්න නම් අදාළ බලධාරීන් විදේශ සමාගමෙන් සන්තෝසමක් බලාපොරොත්තු වෙන බව දැනගන්න ලැබුණා. ඒ අනුව තුන්වැනි පාර්ශ්වයක් හරහා මේ සන්තෝෂම සැපයීම ගැන කතාබහක් වුණා. ඊට පස්සේ කොළඹ නගරයේ තරු හෝටලයකදි මිලියන විසි තිස් ගණනක මුදලක් හුවමාරු වුණාලු. ඒකෙන් පස්සේ මෙච්චර කල් පමා වෙච්ච වාර්තාව ලැබුණලු.