2024 මාර්තු 30 වන සෙනසුරාදා

ගේමක්

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00 656

රට ඉඳලා ආපු පොහොට්ටුවේ ලොකු තැන ඊළඟ දේශපාලන ගේම් එක ලෑස්ති කරන ගමන් ඉන්නේ. එයා ප්ලෑන් කරන්නේ කොහොම හරි ආණ්ඩුවක් නැවත හදන්න. ඒ වෙනුවෙන් එයා මේ දවස්වල ලොකු දැලක් එලනවලු ආණ්ඩුව එක්ක එකතු වෙන්න හදපු දුරකථන පාටියේ අය සම්බන්ධ කර ගන්න.

එයා දන්න දන්න අය හරහා ඒ කට්ටියට දැනුම් දීලලු තියෙන්නේ ළඟදිම හම්බවෙන්න ඕන කියලා. ගොඩක් දුරකථන පාටියේ පසුපෙළ අයලු. කොහොම වුණත් මේ වැඩේ දැන් දුරකථන පාටියේ ලොකු ලොක්කන්ගේ කනට ගිහින්ලු පොහොට්ටු ලොක්කා දැල එලන්න යන්නේ කියලා. ඒ නිසා ඉක්මනින් මේ ගැන තොරතුරු හොයන්න පටන් අරන්ලු තියෙන්නේ. කොහොම වුණත් වැඩේ ගැන දුරකථන පාටියේ අය ෆුල් ඇලට් එකේලු ඉන්නේ.

 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:00