2024 මාර්තු 23 වන සෙනසුරාදා

වාසි දෙකක්

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00 652

රටේ තියෙන සල්ලිකාර ආයතනයක ලොක්කෙක් ගැන අපූරු තොරතුරක් වාර්තා වුණා.. ඒකෙන් කියැවෙන්නෙ උන්නැහේ ඒ ආයතනයෙන් තමන්ට හිමි වැටුපයි, ඊට අමතරව දැන් දරන පට්ටමට අමතරව කලින් දරාපු පට්ටමකට හිමි විශ්‍රාම වැටුපත් ගන්නවය කියන කතාව. 

මේ ගණන් දෙක එකතු වුණාම මාසෙකට ලක්ෂ ගණනක් උන්නැහේට ලැබෙන බවයි තතු දත් අය කියන්නෙ. 
මීට කලිනුත් ඔය ආයතනෙ තනතුරු දරල විශ්‍රාම ගිය අය නැවතත් උසස් පට්ටම්වලට පත්වුණා. ඒත් ඒ කිසි කෙනෙක් ඔය විදියට වැටුප සහ විශ්‍රාම වැටුප එකපාරට ගත්තෙ නැතිලු. 

ඉතින් මේ සංගදිය ගැන ඒ ආයතනෙම ඉහළ සේවක පිරිසක් දියවන්නා කවුන්සිලේ ඉන්න මහත්තුරු කිහිප දෙනකුට තොරතුරුත් දීල. ඒ අනුව ළඟදිම ඒ ගැන ප්‍රශ්න කරන්නලු යන්නෙ.

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00