2024 මාර්තු 02 වන සෙනසුරාදා

ඡන්ද දිනන හැටි

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00 581

අත පාටියෙ ලොකු රැස්වීමකදි ආචාර්ය මහාචාර්ය මට්ටමේ දෙන්නෙක් මැතිවරණ දිනන හැටි ගැන ලොකු දේශන දෙකක් කළා... මේ රැස්වීමෙ හිටපු පක්ෂයෙ ජ්‍යෙෂ්ඨ මැති ඇමැතිවරුන්ට මේ දේශන කතන්දරේ ඇල්ලුවෙ නැහැ.

එයාල දැනගෙන හිටිය මේ දේශන දෙන ආචාර්ය මහාචාර්ය කස්ටිය කියන දේවල් ප්‍රායෝගික නැහැය කියල... නමුත් ඒ ගැන කවුරුවත් කතා කරන්නෙ නැතුව ඉන්නකොට රජරට පළාතෙන් ආපු පක්ෂයෙ ඉහළ තනතුරු ගණනක් දැරෑ තරුණ දේශපාලන නායකයෙක් නැගිට්ට...

නැගිටල එයා ඡන්ද දිනන හැටි ගැන උගන්නන්න ආපු දෙන්නට මෙන්න මෙහෙම කිව්වලු..

ඔබතුමාල කවුරු වුණත් ඔහේල කියන විදියට වැඩ කරල ඡන්දයක් දිනනව කියන්නෙ බොරු... අපට ඡන්ද දිනන හැටි කියල දෙන්න කලින් ඔය දෙන්නත් ඡන්දෙ ඉල්ලල එක්කෙනෙක් අඩුම ගණනෙ ඡන්ද දාහක්වත් අරන් පෙන්නන්නකෝ...
අන්න ඊටපස්සෙ එන්න අපට ඡන්ද දිනන හැටි ගැන උගන්නන්න... තරුණ දේශපාලුතුමා එහෙම කිව්ව විතරයි ආචාර්යතුමාලගෙ ඡන්ද කතාව නැවතුණාලු...

 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00