2024 මාර්තු 02 වන සෙනසුරාදා

අපේක්ෂකයා

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00 748

ආණ්ඩුවෙ ඉන්න ලොකුම පාටියෙන් ඉදිරි මහ පුටු සටනට එන්නෙ කවුද කියල තවම තීන්දුවක් නැතිලු... නමුත් ඒ සඳහා සළුවෙන්න දෙතුන් දෙනෙක් ඉන්න බවයි ආරංචි.

පොහොට්ටුව පිපෙන්න නම් ඒකෙ ඉන්න මලක නමක් ඇති තරුණ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න කියල එක්තරා පිරිසක් කියනවලු...

හැබැයි බහුතරේ කියන්නෙ පිටින් කෙනෙක් ගෙනාවොත් සටනක් දෙන්න පුළුවන් කියලයි...

කොහොම හරි දිස්ත්‍රික්ක මට්ටමින් මේ තරුණ අපේක්ෂකයගෙ නම පක්ෂයට යෝජනා කරන්න එයාගෙ වටේ ඉන්න කස්ටියක් වැඩ සැට් කරගෙන යනව...

ඒ අතරෙ මේ වැඩේට අකමැති පිරිස හොරෙන් හොරෙන් වෙන වෙන දේශපාලන අතුවලට නගින්න කතාබහ පටන් අරන්ලු. ඒ අය අතරෙ බොහොම ප්‍රබලයොත් ඉන්නව.. මේ අයගෙන් දෙතුන් දෙනෙක්ම බරපතළ නඩු හබ එහෙම තියෙන උදවිය කියලත් ආරංචියි...

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00