2024 පෙබරවාරි 10 වන සෙනසුරාදා

එතුමියටලු කැමැත්ත

 2024 පෙබරවාරි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00 601

අලුත් සන්ධානයක් හදන්න යන අත පාටියේ කට්ටිය මේ වෙද්දි හැමදේම සූදානම් කරලලු තියෙන්නේ. ඒත් එක පොඩි පරහක් තියෙනවලු දැන් මේ සන්ධානයට. ඒ සන්ධානයේ සැබෑවටම නායකත්වය දෙන්නේ කාටද කියලා. අත පාටියේ නායකත්වයෙ ඉන්න ලොකු තැනටත්, පුටුවේ අයිතිය ලොකු මැඩම්ට දුන්නත් මේ සන්ධානයේ බලවත්ම තනතුර දෙන්නේ කාටද කියලයි ප්‍රශ්නය ඇවිල්ලා තියෙන්නේ.

ආරංචි හැටියට වැඩිම ඉල්ලුම තියෙන්නේ ලොකු මැඩම්ටලු. මැඩම්ව දාලා ඊළඟ බලය අල්ලන කෙනා එක්ක කොක්කක් ගහන්න පුළුවන් කියල ගොඩක් අය කියනවලු. මේ නිසා කොහොම හරි ලොක්කිට දෙමු කියලලු කියන්නේ. හැබැයි ලොක්කි තවම වැඩේට හා කියලා නෑලු. හැබැයි ලොක්කිව පුටුවේ ඉන්දන්න කට්ටිය පෙළ ගැහිලලු ඉන්නේ.